IPL : 'අපේ මාලිංග හොඳින් පන්දු යැව්වා' චෙන්නායි පිලට ජය ගෙනා මතීෂ පතිරණ

Apr 18, 2024 - 01:21
Apr 20, 2024 - 07:07
 0  7
IPL : 'අපේ මාලිංග හොඳින් පන්දු යැව්වා' චෙන්නායි පිලට ජය ගෙනා මතීෂ පතිරණ

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ (IPL) ඊයේ (අප්‍රේල් මස 14 වෙනිදා) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 20 කින් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගය පැවැත්වුනේ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දීය.

ඊයේ පැවති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ඔහුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට හැකිවූ අතර, මතීෂ පතිරණට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow